Advertisement

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය සහ ජනාධිපති මන්දිරය අතර පිහිටි අක්කර තුනහමාරක ඉතා වටිනා ඉඩම සිංගප්පූරු සමාගමකට විකුණා දමා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කරයි.

මෙම අක්කර තුන හමාර විකිණීමේදී ටෙන්ඩර් කැදවූයේද, කැදවූයේ නම් ඒ කවදාද යයි රජය පැවසිය යුතු බවත් ඔහු සදහන් කරයි.

ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද සමාගම් කවරේද එම සමාගම් ඉදිරිපත් කරන ලද මිල ගණන් කවරේදැයි මහජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

එක බිම් අඟලක් විකුණන්නෙ නැතැයි ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවලදී පැවැසුවද දැන් එය වෙනස් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

තම නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements