Advertisement

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

නමුත් කථානායක කරු ජයසූරිය මහතා කථානායක ධුරයේ රැඳී සිටි නිසා එම වගකීම් භාර ගැනීමට ඔහු විසින් ඉදිරිපත් කර ඇති බව කියන කොන්දේසි පිළිබඳව තවදුරටත් සාකච්ඡා කර ගැනීමට හෙට දින දක්වා කල්දමා ඇතැයිද සදහන්ය.

කරු ජයසූරිය මහතාට මේ සම්බන්ධයෙන් කළ යෝජනාවේදී ඔහු දැනුම් දී ඇත්තේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම අනුමැතිය මත එම වගකීම බාර දෙන්නේ නම් පමණක් පක්ෂයේ හා පාක්ෂිකයාගේ අනාගතය උදෙසා ඒ පිළිබඳව සලකා බැලිය හැකි බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements