Advertisement

ඉස්සර සිනමාවේ චන්ඩි නඵවා රන්ජන් දැන් විකට නඵවා වෙලා. 2015 අරලිය ගහ මන්ධිරයේ පැරණි භාණ්ඩ නැතිවෙලා කියලා කඩුවත් අරන් නරි නාටක දැම්ම එයා දැන් පොලිසියත් එක්ක විකට ජවනිකා රගපානවා. යැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා (05) පස්වරුවේ කළුතර පරදුව ප‍්‍රදේශයේදි පැවති ජන හමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා මෙසේද පැවසිය: 

මේ රජය අධිකරණයට දේශපාලන බලපැම් කරනවා නම් දොස්තර මහත්තයත් විකට නඵවත් මේ වනවිටත් ඉන්න ඕන යකඩ කූරු ගැන ගැන හිර කූඩුවේ නමුත් ඔවුන් දැන් ඇප ලබා නිදහසේ ඉන්නේ මේ රජය අධිකරණයට දේශපාලන බලපැම් නොකරන නිසා .

පසුගිය රජයේ සෞඛ්‍ය ඇමති වෙලා ඉදලා තියෙන්නේ දරුණුම අසාධ්‍ය රෝගියෙක්. රාජිත ඇමති තුමා අත්අඩංගුවට ගන්නවා කියන කොටම පපුව අල්ලගන සැගවුනු අමුත්තා වගේ වුනා. නමුත් දැන් නිදහසේ ඉන්නවා. අන්න ඒකයි මේ රජයන් දෙක අතර වෙනස. ගෝඨාභාය රාජපක්‍ෂ මැතිතුමා යටතේ පවතින රජය ප‍්‍රජාතන්ත‍්‍ර වාදය රජකරවන රටක් බවට පෙන්නුම් කරලා තියෙනවා.

අපි පොලිසියට කියන්නේ මේවා සිල්ලර වැඩ. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා මහ බැංකුව හොරා කාපු පාස්කු ප‍්‍රහාරයට වගකියන අය අල්ලන්න. මහජනතාවගේ මුදල් කොල්ලකැ කිසිවෙක්ට නිදැල්ලේ ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

අමත්‍ය වරයා මෙසේද පැවසිය: 

මේක තාවකාලික භාරකාර ආණ්ඩුවක් යටතේ. මාර්තු දෙවනිදා මධ්‍යම රාති‍්‍ර දොලහ වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හරිවි කියලා අපි විශ්වාස කරනවා. ඒ අනුව මැයි මාසේ පළවෙනිදා වෙන්න ඉස්සර මේ රටේ ඊළග පාර්ලිමේන්තුවට අවශ්‍ය කරන මන්ති‍්‍ර වරුන් තෝරාපත් කර ගැනිමේ මැතිවරණය පවත්වනවා. 

මෙකේ තුනෙන් දෙකක් නැත්නම් රජයක් හැටියට ඉස්සරහට ශක්තිමත්ව වැඩ කරන්න බැහැ. ඊළගට ජනතාවට ලොකු වගකිමක් තියෙනවා. තුනෙන් දෙකක් ලබාදි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට ඓතිහාසික ජයක් කරා ගෙනයන්න යැයි අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

පොතුපිටිය සුමිත් රණවක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements