Advertisement

6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වේගවත් 5G තාක්ෂණයේ ඊළඟ පරම්පරාවේ දත්ත සේවාව සඳහා වන අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් චීනය මෙසේ නව කාර්යාල දෙක ආරම්භ කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කරන්නේ මින් එක් කාර්යාලයක් කාර්යාලයක් තිපත්ති සම්පාදනය සඳහා ස්ථාපති කළ බවත් අනෙක් කාර්යාලය ප්‍රතිපත්ති සම්පාදකයින්ට උපදෙස් දීමට පිහිටවූ බවයි. උපදෙස් දීම සඳහා පිහිටවූ ආයතනය ක්ෂේතය පිළිබඳ විශේෂඥයින් 37 දෙනෙකුගෙන් සමන්විතය.

විද්‍යා හා තාක්ෂණ උප අමාත්‍ය වැන්ග් ෂී පැවසුවේ 6G තාක්‍ෂණය පිළිබඳ ලොව පුරා දැනුම තවමත් ගවේෂණාත්මක අවධියක පවතින බවත් එහි නිර්වචන හා යෙදීම් පිළිබඳ එකඟතාවයකින් තොරව බවත්ය.

6G සංවර්ධනය සඳහා සැලැස්මක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශය අදාළ දෙපාර්තමේන්තු සමඟ කටයුතු කරන බවත්, එහි මූලික න්‍යායන්, ප්‍රධාන තාක්ෂණයන් සහ ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඉදිරි ගමනක් සඳහා කටයුතු කරන බවත් ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements