Advertisement

වජිර අබේවර්ධන තරම් අපතයෙක් පාර්ලිමේන්තුවේම නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කරන ලද ප්‍රකාශයක් මේ වනවිට ප්‍රසිද්ධ වෙමින් තිබෙනවා.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග පැවති දුරකථන සංවාදයක් සමාජ මාධ්‍යව වල සංසරණය වීමත් සමඟ මෙම ප්‍රකාශය මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමනායක මහත්මිය හිටපු ඇමැති වජිර අබේවර්ධන හා පොලිස්පති පූජිත් ජයසුන්දර යන පිරිස සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වනවා.


රන්ජන්: සොලිස්ටර් ජනරාල්ට පුළුවන්ද ඇකියුස් කෙනෙක් එක්ක කතා කරන්න.

ශානි: කිසිසේත්ම බැහැ.

රන්ජන්: ඉන්ටඩික් වෙන්න ඕනෙද?

ශානි: ඉන්ටඩික් නෙමේ ඉල්ලා අස්වෙන්න ඕනෙ. ඒක මාර පාවාදීමක්. වැඩක් නෑ සර් කියලා.

රන්ජන්: අපි හිතන් හිටියේ ලොකුවට මේ ගෑනි ගැන.

වජිර අබේවර්ධන වෙඩින් එකකදී දීලා තියෙන්නෙ ෆොටෝ එක. මට දැන් ආරංචි වුණා.

ශානි: එදා පටන්ම ඩීල්නේ. මගේ පන්තියේ තමා ඔය යකා. ඔය යකා තරම් අපතයෙක් නෑ මුළු පාර්ලිමේන්තුවේම.

රන්ජන්: ඇත්තම තමයි. මූ කරලා තියෙන්නේ.

ඒ ගෑනි විනාශ කළානේ.

ශානි: ගෑනි නෙමේ සේරම. අපිත් එක්ක විනාශයි.

දැන් ඔන්න ඕක ඇප්ලයි කරලා දිල්රුක්‍ෂි මෙහෙම කිව්වා නම් ශානි අබේසේකර මොකෙක්ද කියලා අහයි.

රන්ජන්: අපි දිල්රුක්‍ෂිට ඇටෑක් කරන්නද? මොකද ඔයා හිතන්නේ?

අනේ මන්දා සොලිස්ටර් ජනරාල්. මගේ නඩුවට මරු. පෞද්ගලිකව මට වාසියි.

ශානි: පූජිත් ජයසුන්දර මහත්තයා පොලිස්පති කරන්න දහම් ලොකු මෙහෙවරක් කළානේ. මෙයාට නෙමේ සීනියොරිටි එක දෙන්න ඕනේ වික්‍රමසිංහ මහත්තයාටනේ.

රන්ජන්: වික්‍රමසිංහ ඊට වඩා පිස්සු පොරක්නේ.

ශානි: නෑ… නෑ… මෙච්චර පිස්සු නෑ ඒ මනුස්සයාට.

ඊට පස්සේ සර්… මෙවන් ද සිල්වා දාන්න කියලා අයි.ජී.ට ප්‍රෙස් කෙරෙව්වේ දහම්. තුන්සැරයක් මාව රිජෙක්ට් කලානේ සර්. මාව නොමිනේට් කළේ නෑ පොලිස්පති.

රන්ජන්: පොලිස්පති තව කොච්චර කාලයක් ඉඳියිද?

ශානි: අවුරුදු දෙකහමාරක්ද කොහෙද තියෙනවා.

රන්ජන්: එයා ඉඳියිද? අයින් වෙයිද?

ශානි: එයා ඉඳියි. චොරවෙවී ඉඳියි.

කිසිම සීනියර් ඩී.අයි.ජී. කෙනෙක් සහයෝගය දෙන්නේ නෑ එයාට

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements