Advertisement

තමාගේ දුරකථන සංවාද බව පවසමින් සමාජ ජාල මාධ්‍ය සහ මාධ්‍ය නාලිකාවල ප‍්‍රචාරය වන හඬ පට සියල්ල තමන්ගේ හඬ ඇතුළත් ඒවා බව කිව නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා පැවැසීය.
ඇතැම් හඬ පට තමන්ගේ යැයි කීමට බිය නොවන බවත් සංස්කරණය කළ හෝ විකෘති කර අලූතින් හඬ එකතු කළ ඒවාත් තිබිය හැකි බව ද, හෙතෙම කීවේය.

යහපාලන රජය හොරු ඇල්ලීම අමතක කරද්දී තමා හුදකලාව සටන් කළ බව කී රන්ජන් රාමනායක මහතා ඒ වෙනුවෙන් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග සභ්‍යත්වයෙන් තොර විය හැකි බවත් කීවේය.

එසේ නොමැතිව හොරු ඇල්ලීම හෝ සත්‍ය අනාවරණය කර ගැනීම හීනයක් බවත් තමන්ගේ අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවත් ඒ මහතා පැවසීය.

හඬ පට යම් ප‍්‍රමාණයක් පමණක් මාධ්‍ය වෙත නිකුත් වුවද තවත් හොඳ හොඳ හඬපට තමන් සතුව පවතින බවත් ඒවා ඉදිරියේදී රටට හෙළි කරන බවත් කී රන්ජන් රාමනායක මහතා එහිදී රෙදි ගැලවෙන ප‍්‍රමාණය තවත් වැඩිවනු ඇතැයි ද වැඩිදුරටත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements