Advertisement

මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ තමන් කලක් තිස්සේ හොඳ මිතුරන්ව සිටි අතර ඔහු තමන් සමඟ අමනාප වූයේ ඔහු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේය යන්න සහ තවත් කරුණු කිහිපයක් ගැන ඔහුගේම සහෝදරයකු වන ආනන්ද අලුත්ගමගේ මහතා තමන්ට ලබාදුන් තොරතුරු පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කිරීම නිසා බවයි රාමනායක මහතා සඳහන් කළේ. 

මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඔහුගේ සොයුරු ආනන්ද අලුත්ගමගේ මහතා චෝදනා එල්ල කරන හඬපටය ද තමන් සතුව පවතින බවත් රාමනායක මහතා ප්‍රකාශ කළේය. 

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි. 

“ආනන්ද අලුත්ගමගේ මහත්තයා අපේ පක්ෂයේ හිටියේ. මම මාදිවෙල මන්ත්‍රී නිවාසෙ ඉද්දි – මම මේක හැමතැනම කියනවා – මාදිවෙල මන්ත්‍රී නිවාසෙ නිදාගෙන ඉද්දි – ආනන්ද අලුත්ගමගේ මහත්තයා මහින්දානන්ද අලුත්ගමගේගෙ සහෝදරයා – එයා ඇවිල්ලා කිව්වා, මහින්දානන්ද තමුන්ගෙ සහෝදරයා හොරෙන් සල්ලි අච්චු ගහනවා, ලෝක හොරෙක්, ආශා අලුත්ගමගේ කියන තමුන්ගෙ නෝනට පොලු තියලා තියෙනවා, එයා මේ වගේ එක්කෙනෙක් කලු හොර ඩිෆෙන්ඩරයක් පාවිච්චි කරනවා කියලා.“ 

“මා ළඟ රෙකෝඩිං තියෙනවා ! අන්න ඒකයි මම කියන්නෙ. මම බය නැත්තෙ මල්ලි මා ළඟ රෙකෝඩිං තියෙනවා. එතකොට මම ඒක අරං ගිහිල්ලා පෙන්නුවාම වීඩියෝ එකේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා මා එක්ක ගහගන්න ආවා. පාර්ලිමේන්තුවෙ ගහගන්න ආවා. ‘‘

“මම නෙවෙයි මේවා කිව්වෙ මල්ලි. මහින්දානන්ද මහත්තයට මාතර සුනිල් කියලා දෙරණ එකේ කතා කළෙත් මමනෙ මල්ලි. මගෙ මල්ලි බොරු වංචා නෑ, කෙළින් වැඩ කරන්නෙ.“ 

“අන්තිමට මම ගියා එස්.ටී.එෆ්. එකෙ සිල්වෙස්ටර් මහත්තයා යටතෙ අවි පුහුණුවට. ඒ අවි පුහුණුව තමයි මල්ලි පිස්තෝලෙ ක්ලෑන් වුණා, මම පිළිගන්නවා. මට විවිධ තර්ජන තියෙනවා, මම යන්නෙ හැමවිටම වෙපන් එකත් එක්ක.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එසේම “මහින්දානන්ද මහත්තයා මගෙත් එක්ක ගහගන්න වගේ ආවා, ඒත් මගෙ බර්ත් ඩේ එකටත් විශ් කරනවා ආයෙ. මාව දැක්කාම කතා කරනවා. වෙඩි තියන කතාව කියන්නෙ මාදිවෙල මන්ත්‍රී නිවාසෙ මිස් ෆයර් එකක් ගියා. මම ඒක පිළිගන්නවා. ඒක පාර්ලිමේන්තුවෙ හැන්සාඩ් වලත් තියෙනවා. මම මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගෙ නෝනා මට ගෙදරට කතා කරලා ෆයිල් වගයක් දෙන්න කියලා, මම කැමරාවකුත් අරං ගියෙ මල්ලි. අරං යද්දි ස්විමිං පූල් එකක් තියෙන ලොකු ගෙයක් මල්ලි” යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements