Advertisement

ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබුණා.

මෙලෙස මුදලක් ණය වූ ආකාරය, වියදම් කළ ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට පක්ෂය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ධුර අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස පැවසුවේ තමන් මැතිවරණය හේතුවෙන් රුපියල් ලක්ෂ 900ක් ණය වී ඇති බවයි.

ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි නායකයන් මුදල් වියදම් කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්තා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements