ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති වී මාස දෙකක් ගතවෙද්දී මෙරට රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වී ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා චෝදනා කරයි.
අද වන විටත් රාජ්‍ය ආයතන ගණනාවකට අධ්‍යක්ෂවරුන් පත් කර නැති බවද කී ඔහු දූෂිත පුද්ගලයන්ට තනතුරු ලබා දීම ඇතුළු ප්‍රතිපත්තිමය කාරණා ගණනාවක් පවතින බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
නව ජනාධිපතිවරයාට පෙර පැවති පාලයේදී රාජ්‍ය ආයතන කාර්යක්‍ෂමව තිබුණේදැයි ඔහු එහිදී පැහැදිලි කලේ නැත.

