ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ හිටපු හමුදා ප්‍රධානියාට සම්බන්ධ නඩුවලට අදාළ රහස් ලියවිලි බව දක්‌වන ලියවිලි තොගයක් රැගෙන රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ශ්‍රී ලංකා කාන්තාවක් බ්‍රිතාන්‍යයට පැමිණ ඇති බව වාර්තා වෙනවා.
ඇය ලන්ඩන් නුවර චානට් හවුස් නමැති මධ්‍යස්‌ථානයට පැමිණ මේ රහස් ලියවිලි ගැන හෙළිකර ඇති අතර රහස් ලියවිලි ප්‍රකාශයට පත්කරන ලෙස චානට් හවුස් අධ්‍යයන ආයතනය ඇයගෙන් කළ ඉල්ලීම ඇය විසින් ප්‍රතික්‌ෂේප කර ඇති බව වාරත් වේ.
ශ්‍රී ලංකාවෙන් පලාගිය රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා සමග දැඩි මිත්‍රත්වයක් පවත්වා ගෙන ගොස් ඇති මේ කාන්තාව ලන්ඩන් නුවර බෙදුම්වාදී කාන්තාවක් වූ දර්ශා ජෙගතිස්‌වරන්ගේ නිවසේ පදිංචිව සිටින බව මේ වන විට තොරතුරු හෙළිව තිබෙනවා.

