Advertisement

ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව තීරණය කරනුයේ ඉදිරි මහමැතිවරණයෙන් පසුව බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , වරාය නාවික කටයුතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිලිතුරු දෙමිනි.
“ව්‍යවස්ථා සංශෝධනය ගැන අපි තීන්දු තීරණ ගන්නේ ඊළඟ මහමැතිවරණයෙන් පසුවයි. රටකට ස්ථාවර ආණ්ඩුවක් , හොඳ ව්‍යවස්ථාවක් තිබිය යුතුයි. ප්‍රේමදාස මහත්තයා එදා අෆ්රොප් මහත්තයාට වැඩි පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ගන්න ජේ. ආර්ගෙ ව්‍යවස්ථාව වෙනස් කෙරුවා. එතැනින් පටන් ගත්තු විනාශය 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ආණ්ඩු බලය හදපු අයත් විනාශ කරලා තමයි නතර වුණේ.
අපට පාර්ලිමේන්තු බහුතරය නෑ. නොනගතය වගේ වෙලාවක තමයි අපි මේ වැඩ කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රාජ්‍ය බලයේ හිටපු අය ඊට වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් මීට වගකිව යුතුයි. ජාත්‍යන්තරයට ඕනි විදියට ව්‍යවස්ථාවක් හදලා මහා විනාශයක් කරලා තියෙන්නේ.
මේ කාල පරිච්ඡේදයේ දී දවසක් හරි මේ රටේ සංවර්ධනය ප්‍රමාද වෙනවා. අයවැයක් ගේන්න බෑ. අයවැයක් ගෙනල්ල අතිගරු ජනාධිපති තුමාට වුවමනා ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න බැරිවෙලා තියෙනව. තවත් කල් තියෙනව, මාර්තු 03 තමයි අවසාන දවස. එතකම් කල්මරන කාලයක් බවට මේක පත්වෙලා තියෙනව.
ජනතාවට ඕනි හැකි ඉක්මනට රට ගොඩගන්න. 19 ව්‍යවස්ථා සංශෝධනය නිසා එය දවසින් දවස පමාවෙමින් තියෙනවා.
– මාධ්‍ය ඒකකය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements