වාතය හරහා කොරෝනා වෛරසය කෙනෙකුගෙන් කෙනෙකුට බෝවීම වලක්වා ගත හැකි නැනෝ තාක්ෂණික ක්‍රමවේදයක් කටුනායක ගුවන්මේ තොටුපොලෙහි ස්තාපිත කර ඇත.
ඒ මංජුල ගුනවර්දන මහතා ඇතුළු SLINTEC කණ්ඩායමේ සහයෝගයෙනි.
ඔහු සඳහන් කරන්නේ තමන් විසින් හදුන්වා දුන් මෙම නව නිෂ්පාදනය මගින් වාතයේ ඇති කොරෝනා වෛරසය ඕනෑම බැක්ටීරියා සහ වෛරස් වර්ගයක් ඉවත් කරන බවයි.
මෙම නිර්මාණය සඳහා තමන්ට එක්සත් ජනපදය විසින් ලබාදුන් පේටන්ට් බලපත්‍රයක් ද ඇතැයි ඔහු සඳහන් කරයි.
එංගලන්තය, ජපානය, ඉන්දියාව යන රටවල් මෙම නිර්මාණයෙන් වයිරස් තුරන් කිරීමට අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු සඳහන් කරයි.
මෙය තමන් විසින් නිෂ්පාදනය කරන ලද්දේ මීට වසර 7 කට පෙර බව ද ඔහු පෙන්වා දෙයි.




