Advertisement

කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් කිසිදිනක තමනට දෙ‍්‍රා්හියකු යැයි පවසා නැතැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

තමන් දෙ‍්‍රා්හියකු යැයි කීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් අයිතියක් ඇත්තේ නම් ඒ තමයි ජාතික නායකයාට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් තම ජාතික නායකයා මෙතෙක් කාලයට තමනට එසේ යයි පවසා නැතැයිද ඔහු කියා
සිටියේය.

අම්පාර ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අම්පාර ප්‍රදේශයේ එකල ගස්වනු ලැබුවේ තම ජාතික නායකයා බවත් එකල එල්ටීටීඊ සෙබළුන් රැසක් යොදවා යොදවා ගස් සිටුවීම සිදු කළ බවත් ඔහු පැවසීය.

කරුණා අම්මාන් ද්‍රෝහියකු යැයි දෙමළ ජාතික සංධානය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පල කලේය.

අපගේ ජාතික නායකයා වන්නේ ප්‍රභාකරන් පමණක් බවත් කී ඔහු එය ෙඑතිහාසික ධුරයක් බවත නැවත ඇති කළ හැකි ධූරයක් නොවන බවත් කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements