Advertisement

රන්ජන් රාමනායක අමාත්‍යවරයා විසින් මහාධිකරණ විනිසුරුට මරණ තර්ජන කරමින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පවසා ඇතැයි විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පවසනවා.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කරපු පැමිණිල්ලක් තමන් සතු බවයි.

“මට ලැබෙනවා ලේඛන 2ක්, ඉන් එකක් 2020 ජනවාරි 12 වැනිදා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති වෙත ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කරපු පැමිණිල්ලක්. එතුමා දැන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු.

රන්ජන් රාමනායක ඇමැතිවරයා ගිහාන් පිලපිටිය විනිසුරුතුමාටත් බලපෑම් කරනවා. දැන් අපේ යහපාලන ආණ්ඩුව, අපට ඕන පසුගිය ආණ්ඩුවේ අය ඇතුළට දමන්න. එහෙම නැති වුණොත් වැඩවරදීවී? එහෙම තමයි තර්ජනය කරන්නේ.

ඒ විතරක් නොවෙයි තමන්ගේ දුරකථනයට මරණ තර්ජන ආවා කියලා. ඒ වගේම අධිකරණයේ දුරකථනයට කතා කරලා ලොක්කා තාම බැස්සේ නැද්ද? අපි කියන විධියට කටයුතු කරන්න බැරිද කියලා අහල තිබුණා. කටහඬින් ඔහු රන්ජන් රාමනායක කියලා හඳුනාගත්ත කියලා එම ඇමතුම ගත්ත පුද්ගලයා කියා තිබෙනවා.

මේ කාලය තුළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය වෙත අත්අඩංගුවේ ඉන්න සැකකරුවකු පාපෝච්චාරණය කරලා තියනවා ගිහාන් පිලපිටිය මහත්තයා ඝාතනය කරන්න ක්‍රමන්ත්‍රණයක් තියෙනවා කියලා.

ඒ වකවානුවේම මාරවිල මහෙස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මියටත් එවැනි පාපෝච්චාරණයක් කරලා තියෙනවා. ඒවා ඔක්කොම අධිකරණයේ ලේඛනගත සාක්ෂි.

ගිහාන් පිලපිටිය මහත්තයා පැමිණිල්ලේ සටහන් කරනවා 2015 හත් වැනි මාසේ 15 වැනි දින තමන් මේවා අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි කළා කියලා. තමන්ට කළ බලපෑම් අනුව තමන්ටත් දරුවන්ගේ ජීවිතත් අනතුරේ කියලා සිතූ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements