Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට සූදානම් වන වියත්මග සංවිධානයේ සාමාජිකයන්ට එම පක්ෂයේ ඇතැම් සංවිධායකයන් විසින් බාධා සිදුකරන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

වියත්මග සංවිධාන යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා එම ප්‍රතිපත්ති රටක පැහැදිලි කිරීමට සඳහා වියතුන් එක්ව පිහිට වූ සංවිධානයක් බව ද ජයසුමන මහතා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් වියත්මග සංවිධානයේ වැඩි පිරිසකට නාම යෝජනා ලැබුණු ඇති බව විශ්වාසයක් ඇතැයිද ඔහු පැවසීය.

මෙම පිරිස්වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයන් විසින් විවිධ බාධාවන් සිදුකරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

එම සංවිධායකයන් දැන උගත් පිරිසක් ඉදිරියට එනවට බිය වී ඇතැයි ද ඔහු කීය.

කෙසේ වෙතත් වියත්මග සංවිධානයට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ බාධාවක් නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්ව මෙම තත්වය කළමනාකරණය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය.

මහාචාර්යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements