Advertisement

වූහාන් හි දැනට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් අතරින් පිරිසකට රැස්කර ගත් ආහාර සංචිත අවසන් වෙමින් පවතින හෙයින්, එම ආහාර ද්‍රව්‍ය සහ අවශ්‍ය විටමින් ඔවුන්ට සැපයීම සඳහා ශ්‍රී ලංකා රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා.

වූහාන් හි ඔවුන් ඉගෙනුම ලබන විශ්ව විද්‍යාල සහ ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර වලින් එම සිසුන්ට පිසූ ආහාර ලබා දෙන බවත්, එහෙත් එම සිසුන් මෙම ආහාර මගින් වෛරසය තමන් වෙත ද වැළදීම සිදුවිය හැකි යැයි සිතා , එම ආහාර ලබා ගැනීමට අකමැත්තක් දක්වන බවද ලේකම්වරයා සඳහන් කළා.

මොවුන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා චීන රජය මෙන්ම හූබෙයි ප්‍රාන්ත රාජ්‍ය බලධාරීන් සමඟ ද ශ්‍රී ලංකා රජය මෙන්ම චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද නිරන්තරයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය .කියා සිටියා.

මේ අතර ඊයේ (29) දින රාත්‍රී 6.10 ට කුංමිං සිට එම්.යූ.- 713 දරන ගුවන් යානය සහ රාත්‍රී 6.28 ට ෂැංහයි සිට එම්.යූ.- 231 දරන චයිනා ඊස්ටන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් පැමිණ තිබෙනවා.

ඊට අමතරව එදිනම රාත්‍රී 9.10 ට චොංකිං සිට චොංකිං ගුවන් සේවයේ ඕ.කිව්.- 2393 දරන ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, එම ගුවන් යානාවල ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු පැමිණ තිබෙනවා.

ඊට අමතරව අද (30) අලුයම චීනයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනකින් ද තවත් ශ්‍රී ලාංකික සිසුන් 110 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔවුන් අලුයම 5.10 ට ෂැංහයි සිට පැමිණි යූ.එල්.- 867 දරන ගුවන් යානයෙන් ද ,අලුයම 5.50 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් ද , ග්වැන්ෂෝ සිට අලුයම 6.10 ට පැමිණි යූ.එල්.- 885 දරන ගුවන් යානයෙන් ද මෙම සිසුන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements