Advertisement

කොරෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව චීනයේ කොරෝනා වෛරසය මැඩීම සම්බන්ධයෙන් ගවේෂණය කරනා චීන විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙන, ලොව ප්‍රකට වෛරස සම්බන්ධ විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා සදහන් කරනවා.
මෙම වෛරසය අලුතින් හදුනාගත් වෛරසයක් යයිද පවසන ඔහු එම වෛරසයට ආසාදිතයාගේම ශරීරයෙන් ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවද කියා සිටී.

සාර්ස් වෛරසය තරම් මෙම වෛරසය දරුණු නැති බවත් පවසන මහාචාර්යවරයා සාර්ස් වෛරසය වැලදුනු 10%ක පමණ මියගියද කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉතා පහල බවත් පෙන්වා දෙයි.

මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව තුල එම වෛරසය පැතිරෙන බවට කිසිදු සාධයක් නැති බවත් ඇතැම්විට තවත් රෝගීන් තුන් හතර දෙනෙකු ඉදිරියේදී හමුවනු ඇති බවත් එසේ වුවා කියා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යයි කිව නොහැකි බවත් මහාචාර්ය මලීක් පීරිස් පැවසීය.

ශ‍්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණු ආවරණ පැලද සිටීමේ කිසිම තර්කානුකූල තත්වයක් නැති බවත් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ සැබෑ අවදානමට යයිද කියයි.

අනාගතයේදී එවන් අවදානමක් ඇති වුවහොත් ඒ වන විට මුහුණු ආවරණ හිගතාවයක් ඇති විය හැකි යයිද මහාචාර්යවරයා අවධාරණය කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements