Advertisement

ප‍්‍රතිශක්තිකරණය අවම මට්ටමක ඇති රෝගීන් හට කොරෝනා වෛරසයේ දැඩි අවදානමක් ඇතැයි මහනුවර ජාතික රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර මහතා පවසනවා.

වකුගඩු , අක්මා , පිළිකා , හෘද , දියවැඩියා , විවිධ ආසාදිත රෝගින්, අවයව බද්ධ කළ රෝගින් , ගර්භණී කාන්තාවන් සහ කුඩා දරුවන් ප‍්‍රතිශක්තිකරණය අවම තත්ත්වයක සිටින බැවින් ඔවුන් මේ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළා.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ වකුගඩු, අක්මා, පිළිකා , හෘද , අවයව බද්ධ කළ සහ දියවැඩියා රෝගීන් පමණක් ලක්ෂ විසි දෙකක් ඉක්මවා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සනාථ කළා.
කිවිසුම් යාම , කැස්ස , සෙම්ප‍්‍රතිශ්‍යාව , යන රෝග ලක්ෂණ වෛරසය ආසාදනය වී දින පහත් දහහතරත් අතර කාලයේ මතුවන බවත්, එම රෝග ලක්ෂණ මතුවීමට පෙර වුව ද රෝගවාහක වෛරසය සෙසු පුද්ගලයන් වෙත බෝවීමේ අවදානමක් පැවතිය හැකි බවත් ඔහු කියා සිටියා.

සොටු දියර ගැලීමේදී හෝ කිවිසුම් යාමේදී හෝ කැස්ස පවතින අවස්ථාවේදී රෝගය බෝ වීමේ වැඩි අවදානමක් පැවතිය හැකි බව කී විශේෂඥ වෛද්‍ය මැදගෙදර මහතා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මිනිසුන් වැඩිපුර ගැවසෙන ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්නැයි ජනතාවට කියා සිටියා.

කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිසුන්ටත් මිනිසුන්ගෙන් සතුන්ටත් බෝවී යන බවත්, රෝගය පහව ගිය ද සතුන්ගේ සිරුරු තුළ වෛරසය තැන්පත් ව තිබී පසුකාලීනව යළි මතුවිය හැකි බව ද හෙතෙම සඳහන් කළා.

කොරෝනා වෛරස් ආසාදනය මගින් ඇති වන උණ රෝග තත්ත්වය නිට්ටාවට සුව කිරීම සඳහා නිශ්චිත ඖෂධයක් මේ වනතුරු සොයාගෙන නැති බැවින්, ජීවිත අවදානම ප‍්‍රබල ලෙස ඇතැයි ද හෙතෙම සඳහන් කළා.

අවම ප‍්‍රතිශක්තිකරණ මට්ටමක සිටින රෝගීන් හට වෛරසය ආසාදනය වුවහොත් ජීවිතය අහිමිව යෑමේ අවදානමක් ඇති බව ද වෛරසය පෙණහලූ තුළට යෑමෙන් අනතුරුව රෝගියා මිය යෑමට ඇති අවදානම වැඩි බව ද කී විශේෂඥ වෛද්‍ය මැදගෙදර මහතා චීනයේ සිට පැමිණෙන පිරිස් සති දෙකකට වැඩි කාලයක් විශේෂ ස්ථානයක රඳවා තබා රෝග ලක්ෂණ පහල වන්නේද නොවන්නේ ද යන්න බැලීමෙන් රෝගය රට පුරා ව්‍යාප්ත වීම අවම කර ගත හැකි යැයි දසඳහන් කළා.

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ වකුගඩු, අක්මා, පිළිකා , හෘද , අවයව බද්ධ කළ සහ දියවැඩියා රෝගීන් පමණක් ලක්ෂ විසි දෙකක් ඉක්මවා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත සනාථ කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements