Advertisement

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 35ක් අද (30) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමිනුයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ අතර, නව සාමාජිකයින්ගෙන් සැදුම් ලත් මෙම වසරේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 3 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements