Featured News

Video Gossip

Advertisement

මගේ යුනිවර්සිටි එකේ ලංකාවේ එකොළොස් දෙනෙකු ඉන්නවා
මම රූම් එකේම උයාගෙන කන්නේ. මම වෙජිටේරියන් නිසා බයක් නැහැ
අපේ අයට එකම ප්‍රශ්නය එළියට බහින එක විතරයි. 
ලංකාවේ අය සෝසල් මීඩියාවල කියලා තිබුණා. ඇත්තටම අපිට දුකයි.

‘අපිට කරදරයක් නැහැ. අපි දැනට ආරක්ෂිතව ඉන්නවා. මම කැම්පස් එක ඇතුළෙම නැවතිලා ඉන්නේ. අපේ අනිත් තිස්තුන්දෙනා වූහාන්වල කැම්පස් වටේ ඉන්නේ. අපි එළියට බහින්නෙවත් නැතුව ඉන්නවා.’ යැයි වූහාන්හි සිරවී සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරියක වන මාධවී පෙරේරා පවසනවා.

බදුල්ලේ පදිංචි කපිතාන් මාධවී පෙරේරා චීන රජයෙන් ලද ශිෂ්‍යත්වයක් මත මීට වසරකුත් මාස හතරකට පෙර චීනයේ වූහාන්හි හුවාසුන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ජීව රසායනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරීමට ගිය මො​හොතේ මෙසේ වූහාන්හි කොටුවී සිටිනවා.
‘මගේ යුනිවර්සිටි එකේ ලංකාවේ එකොළොස් දෙනෙකු ඉන්නවා. මම තාවකාලික නිවාඩු ලබාගෙන පී.එච්.ඩී. එක කරන්න ආවා. ජනවාරි මුල සතියේ වැකේෂන්වලට ලංකාවට එන්න හිටියත් වැඩ තියෙන නිසා මහාචාර්යතුමා අපිට නිවාඩු යන්න එපා කිව්වා.

චීනයේ අයගේ අවුරුද්ද නිසා එයාලා නිවාඩු. නිවාඩුවට කඩ වහන නිසා මම සතිදෙකකට කෑම ස්ටෝර් කළා. එකපාරටම 21 දා තමයි කිව්වේ කොරෝනා වෛරස් එක නිසා වූහාන්වල ඔක්කොම වහනවා කියලා. මෙට්‍රෝ, එයාර්පෝට් වහනවා කිව්වා.

කැම්පස් එක ඇතුළේ මම නැවතිලා හිටියේ. මගේම බැජ් එකේ යාළුවෝ කැම්පස් එකෙන් එළියේ ෆැම්ලිවල අයත් එක්ක නැවතිලා හිටියා. අපි අපේ අයත් එක්ක සබඳතා තිබුණා. එක පාරටම වූහාන් සීල් කළා කියලා කිව්වම මර බියක් දැනුණා. නමුත් මම හිත හදාගත්තා. අපි අපේ ගෘෘප් එකේ වූහාන්වල ඉන්න තිස්තුන්දෙනා වී චැට් ගෲප් එකක් හදාගත්තා.

මම රූම් එකේම උයාගෙන කන්නේ. මම වෙජිටේරියන් නිසා බයක් නැහැ. එළියේ ඉන්න අයට කෑම, බීම ගන්න එයාලා එළියට යන්න ඕනා. එයාලා එළියට යන එක අවදානමක්. වතුර ඕනේ කියලා අපේ එළියේ ඉන්න අය ගෘෘප් එකෙන් කිව්වා. අපේ ලංකාවේ එම්බසියේ නිලධාරීන් ඒ සියල්ල චීන රජය ලවා ලබාදෙන්න කටයුතු කරනවා.

අපිට දවස ගානේ වෛද්‍ය පරීක්ෂණ කරන්න උපදෙස් දීලා තියෙනවා. උණක් ආවොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් ලැබිලා තියෙනවා.

අපිට කළින් අනතුරු හැඟෙව්වේ නැහැ. ඒ නිසා අපි 16දාත් මාකට් එකට පවා ගියා. මෙට්රෝ ට්‍රේන් එකේත් ගියා. අපි මාස්ක් එකක්වත් දැම්මේ නැහැ. අපි ඊස්ට් ලේක් ඒක ළඟටත් ගියා. වෙනදාට සෙනඟ පිරිලා ඉන්නවා. සෙනඟ එදා අඩුවෙන් හිටියේ.

දෙසැම්බර් ඉඳන් මේ වෛරස් එක පැතිරිලා තියෙනවා. අපි චීනේ අයගෙන් අහද්දි කිව්වේ සාර්ස් කියලා. ඒ නිසා අපිට බයක් දැනුනේ නැහැ. මාස්ක් දාන්නේ නැතිව හැම තැනම ගියේ. එකපාරටම කොරෝනා හයිලයිට් වුණේ 21දායි. චීනේ අය මේක දැනගෙන හිටියා. අපේ කැම්පස් එකේ යාළුවට ප්‍රෙපෙසර් කෙනෙකු වින්ටර් එකට වැකේෂන් යන්නේ නැත්තේ ඇයි කියලා අහලා තිබුණා. වෛරස් එකක් ස්පෙඩ් වෙනවා. ඒක භයානක එකක්. යන එක හොඳයි කියලා එයාට ප්‍රොපෙසර් කියලා තිබුණා.

චීන රජය ඔෆිසියලි එනවුන්ස් නොකරපු නිසා අපි ගණන් ගත්තේ නැහැ. එයාර් ටිකට් මේ දවස්වල ගණන් නිසා කවුරුත් යන්න හිතුවේ නැහැ.

අපේ අයට එකම ප්‍රශ්නය එළියට බහින එක විතරයි. සමහර අයගේ මාස ගණන්වල ළමයි ඉන්නවා. අපිව ලංකාවට ගෙන්වන්න එපා කියලා ලංකාවේ අය සෝසල් මීඩියාවල කියලා තිබුණා. ඇත්තටම අපිට දුකයි. චීනයේ අය සැබෑවටම කාරුණිකයි. තමන්ගේ කෙනෙකුට මෙහෙම දෙයක් වුණානම් සෝසල් මීඩියාවල මෙහෙම කියන්නේ නැහැ. අපි අපේ රටට ඇවිත් ලෙඩ බෝකරන්න අවශ්‍ය නැහැ. අපේ අයව කොරන්ටයින් කරලා ගන්න පුළුවන්. අනිත් රටවල ස්ටුඩන්ලා බේරගන්න එයාලගේ එම්බසියත් අපේ රටේ එම්බසිය වගේ මහන්සි වෙනවා.’ යැයි කපිතාන් මාධවි පෙරේරා පැවැසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements