Featured News

Video Gossip

Advertisement

පාසල් සිසුවියක් දැඩි ලෙස රෝගී තත්ත්වයකට පත් වූ අවස්ථාවේ ඇයට කොරෝනා වැළඳී ඇති බවට සැක සිතා රෝහලට රැගෙන යෑම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එම පාසල් සිසුවිය දැඩි රෝගී තත්ත්වයට හා අපහසුතාවට පත්වීමේ සිද්ධියක් මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකින් වාර්තා වනවා.

ඊයේ (28දා) මෙම සිද්ධියට මුහුණපෑ 13 හැවිරිදි සිසුවිය හදිසියේම හටගත් ශ්වසන අපහසුතාව හේතුවෙන් රෝගාතුර වී ඇති අතර ඇගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් පාසලේ පාලනාධිකාරිය විසින් දුරකථන ඇමතුමක් ලබාදී ‘සුවසැරිය’ ගිලන් රථයක් පාසලට ගෙන්වා ගෙන ඇති බව සඳහන්.

‘සුවසැරිය’ ගිලන් රථයට රෝගී සිසුවිය ඇතුළත් කළද ඇය සමඟ රෝහලට යෑමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් ගිලන්රථ කාර්ය මණ්ඩලයද භාරකාරයකු නොමැතිව දැරිය රෝහල වෙත රැගෙන යෑම ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

විනාඩි පහළොවකට අධික වේලාවක් දැරිය ගිලන් රථය තුළම දැඩි රෝගී තත්ත්වයෙන් පසුවූ බව පැවැසෙන අතර ගිලන් රථයේ රියැදුරු විසින් මේ පිළිබඳව පාසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

වහාම බාලිකා පාසල වෙත පැමිණි පොලිස් නිලධාරීන් මැදිහත්ව කරුණු වටහා දී ගුරුවරියකද සමඟ සිසුවිය රෝහල කරා යැවීමට කටයුතු කොට තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements