මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්යයෙක්පේරාෙදණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරලා
මේ එතුමන් පිලිබඳව සමාජ මාධ්‍යයේ පල වු සටහනක්.
ඔහු ජෝසප් ශ්‍රියාල් මලික් පීරිස්.1949 නොවැම්බර් 10 වන දින ශ්‍රී ලංකාවේ උපත ලැබීය. විද්‍යාත්මක ප්‍රකාශන සහ මාධ්‍ය වාර්තාවල ඔහුව ජේ.එස්.එම් පීරිස්, ජේ.එස් පීරිස්, ජෝශප් පීරිස් සහ බොහෝ විට මලික් පීරිස් ලෙස හැඳින්වේ.
මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ඔහු පසුව ශ්‍රී ලංකාවේ පේරාෙදණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීය. ඉන්අනතුරැව එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ හා ශ්‍රීමත් විලියම් ඩන් ව්ශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයනයෙන් අනතුරුව මහාචාර්ය උපාධිය ලබා ගත්තේය. එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ වැඩිදුර වැඩ කිරීමෙන් පසු ඔහු 1995 දී හොංකොං විශ්ව විද්‍යාලයේ කොටසක් වන ක්වීන් මේරි රෝහලේ සායනික රෝග විනිශ්චය සහ මහජන සෞඛ්‍ය වෛරස් අධ්‍යනය කිරිම සදහා විද්‍යාගාරය ආරම්භ කළේය.
කුරුළු උවදුරුවලට ගොදුරු වූ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය, දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (SARS) කිරීටක වෛරසය සහ මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (MERS) මෙන්ම වර්තමානයේ ලෝකය පුරා ව්‍යාප්ත වි යන නව කොරෝනා වෙෙයිරසයේ ව්‍යාප්තව යාමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා හොංකොං රසායනාගාර විසින් සිදු කරන ලද මුල් පර්යේෂණ මගින් මෙම රෝග සඳහා හේතු වන වෛරස් පිළිබඳ පර්යේෂණයන් සදහා විශාල දායකත්වයක් ලබා දී ඇති අතර මෙම වෛරස් මගින් ඇති වන රෝග පිළිබඳ අවබෝධය, රෝග විනිශ්චය, ප්‍රතිකාර හා වැළැක්වීමට හැකි අාකාරය පිලිබදවද පෙන්වා දි තිබෙි.
2003-2004 කාලය තුළ විද්‍යාත්මක ලෝකයේ වැඩිම බලපෑමක් ඇති ප්‍රකාශන සංඛ්‍යාවක් රචනා කිරීමේ ගෞරවය මලික් පීරිස් සතු විය. ඔහු සහ ඔහුගේ සමකාලීනයන් වසර 35 කට වැඩි කාලයක් පුරා පර්යේෂණ වෘත්තියක් තුළ විද්‍යාත්මක පත්‍රිකා 600 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති අතර වෛරස් ආසාදන හඳුනා ගැනීම සම්බන්ධ විද්‍යාත්මක පේටන්ට් බලපත්‍ර 32 ක් ඔහු සතු කරගෙන ඇත. ඔහු දැනට හොංකොං විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය රසායනාගාර විද්‍යා අංශයේ ටම් වා-චිං මහාචාර්ය ධුරය දරයි.
