තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අපරාධයක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මරණීය තර්ජන එල්ල වී ඇති හෙයින් තමාට ආරක්ෂාවක් ලබාදෙන ලෙසට ශානි මහතා ඉල්ලීමක් කළ බව පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අන්දහන් කළා.
ශානි අබේසේකර මහතාට මරණීය තර්ජන එල්ල කළ බවට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් රහස් පොලිසියට හා පොලිස් බුද්ධි අංශ වලට ද දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලීමක් කරන බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියා.
ශානි අබේසේකර මහතා වින්දිතයින් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට මෙම පැමිණිල්ල කිරීමට ප‍්‍රථම මේ ගැන වැඩබලන පොලිස්පතිවරයාට ද පැමිණිලි කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

