Advertisement

මාතරින් පරාජය වී ‘බැක්සයිඩ්’ එකෙන් පාර්ලිමේන්තුව ගිය පුද්ගලයෙක් තමනට මඩගහන බවත් රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කරන ලද ප්‍රකාශයක වචනයක් ගෙන එම මඩ ප්‍රහාරය ක්‍රියාත්මක කරනුයේ අදාල පුද්ගලයාගේ කණ්ඩායම් විසින් බවද ඔහු සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් රාජ්‍ය ඇමතිවරයා තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

රන්ජන්ගේ පළමු ප්‍රකාශයේ එක් වචනයක් අරගෙන මටත් මඩ ගහන්න ඊයේ දවස පුරාම ක්‍රියාත්මක වුන සමාජ මාධ්‍ය මෙහෙයුම සංවිධානාත්මකව ක්‍රියාත්මක වුවක්. එය විමර්ශනය කරන විට එය වටහා ගැනීමට අපහසූ නොවන අතර ඒ සෑම පිටුවල සමානකම් ඇත.

ඒ සියල්ලගේම පිටු වල මේ දවස් වල ප්‍රවර්ධනය කරන්නේ පසුගිය පාර්ලිමේන්තුවේ මාතරින් පරාජය වී “බැක්සයිඩ්” එකෙන් පාර්ලිමේන්තු ගිය එක්කෙනෙක්ගේ “මඩ නැති දේශපාලනය කියලා එකක්”. ඒ ප්‍රවර්ධනය කරපු බොහෝ දෙනෙක් සජිත් ජනාධිපති ක‍රන්නත් කැම්පේන් කරපු අයමයි.

පැකර්ගේ සහ මදුෂ්ගේ මුදල් සහ පාතාලයට මා නිහඩ කල නොහැක. අපිට ගහන්න ගහන්න මිනිස්සු අපිත් එක්ක එකතු වෙනවා. මා හැමදාමත් නිවැරදි දේ වෙනුවෙන් සහ අභියෝග හමුවේ පෙනී සිටියා සේම ඉදිරියටත් එය එසේම සිදු කරනවා. ඊයේ සහ අද දවසේ මා වෙනුවෙන් හඬ නැගු සැමට ස්තූතිය. වචනයෙන් හෝ ශක්තියත් වූ ඔබ සැමට ස්තූතියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements