Featured News

Video Gossip

Advertisement

එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා.
තරුණයා ආයුධයකින් ඇන්න බව අපට තේරුණා

යාපනය 662 වැනි බළසේනා මූලස්ථානයේ වෛද්‍ය අංශයේ රාජකාරි කරන ලාන්ස් කෝප්‍රල් දිලිප් කුමාර නැමැත්තා හපුහෙට්ටිගේ ‍ කාංචනා නමැති වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

ඇසින් දුටුවන් මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් මේ බව සඳහන් කර තිබුණා.

අදාළ සිසුවිය සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත්, එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු තම අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදුන් බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියෙක් සිද්ධිය මෙසේ විස්තර කළා.

“ව්‍යායාම් මංතීරුවේ පෙම්වතුන් හමුවීම සාමාන්‍ය දෙයක්. මේ දෙන්න ඉන්නවත් අපි දැක්කා. එකවරම දෙන්න අතර කලබලයක් වගේ අපිට තේරුණා. ඒත් අපි විපරම් කර බැලුවේ නෑ. එකවරම තරුණිය කෑගහන ශබ්දයක් ඇසුණා. තරුණයා ආයුධයකින් ඇන්න බව අපට තේරුණා. ඉන්පසු තරුණිය පහළට තල්ලු කර දමා ඔහු පැනයන්න හදද්දී කට්ටිය ඔහු ලුහුබැඳ ගොස් අල්ලාගෙන පොලිසියට භාරදුන්නා. තරුණියගේ ගෙල කපා තිබූ බවත් මියගොස් ඇති බවත් අපට තේරුණා.”

පොලිසිය පැවැසුවේ බේරුවල බඳනාගොඩ ජනපදය පදිංචි හපුහෙට්ටිගේ රෝෂනී කාංචනා නමැති (29) සිසුවියක් එලෙස ඝාතනයට ලක්වී ඇති බවයි.

ඝාතනයට ලක්වූ සිසුවිය බේරුවල, වලතර, බඳනගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවකි. ඇය යාපනය මහ රෝහල වෙත රැගෙන යෑමේදී මියගෙස් ඇතැයි පැවසෙනවා.

යුද හමුදා වෛද්‍ය බළකායේ රාජකාරි කරන බේරුවල, කාලවිල දන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ ඇය විවාහ වී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර පවුල් ආරවුල් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය සිසුවිය මීට වසරකට පමණ පෙර තම නිවෙසේ පදිංචියට පැමිණ ඇතැයි පවුලේ ඥාතියෙක් සඳහන් කළා.

ඝාතනයට ලක්වූ වෛද්‍ය සිසුවියගේ පියා කළුතර කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස සේවය කරන අයෙකි.

දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන ඇයට බාල සහෝදරයන් දෙදෙනකු හා බාල සහෝදරියක්ද වන බව පොලිසිය සඳහන් කළා.

සිසුවිය යාපනය විශ්වවිද්‍යායේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවියක් වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements