මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා ඉලක්ක කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා දැඩි විරෝධය එල්ල කරයි.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් එම තීන්දුව ගත්තේ කුමන පදනමක් මත දැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ ඊට වඩා බරපතල චෝදනා එල්ල වන විනිසුරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ගේ හඬ පටවලින් හෙලිව ඇති බවයි.
සැබැවින්ම මෙම ප්‍රශ්නයේ දී පැමිණිලිකරු වී ඇත්තේ ගිහාන් පිලපිටිය විනිසරු බවත් දැන් ඔහු විත්තිකරුවෙක් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් කරණ ලද බලපෑම් සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා විසින් පැමිණිලි කර ඇති තත්ත්වයක් යටතේ කුමන පදනමකින් ඔහු අත්අඩංගුවට ගන්නැයි නියෝග කළේ දැයි මං ඇමැතිවරයා ප්‍රශ්න කළේය.
යහපාලනය විසින් විනාශ කරන ලද අධිකරණ පද්ධතිය රැක ගැනීමේ වගකීමක් ආණ්ඩුවට ඇති නිසා තමන් මෙම ප‍්‍රකාශය සිදු කරන බවද ඔහු තියා සිටියේය.

