Featured News

Video Gossip

Advertisement

අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී. ජයසුන්දර මහතා මගින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

කුමන හේතුවක් නිසා හෝ බාහිර අරමුණු මුල්කොටගෙන කවරෙකු හෝ අත්අඩංගුවට නොගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම කළ යුත්තේ අදාළ වගකීම ඉටුකරන නිලධාරීන්ගේ වෘත්තීය විනිශ්චය අනුව වන අතර එකී කාර්ය ස්වාධීනව සහ කිසිදු බිය ගැන්විමකින් හෝ අනුග්‍රහයකින් හෝ තොරව සිදුවන බවට සහතික කරගතයුතු යැයි ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

“අත්අඩංගුවට ගැනීම දඬුවමේ කොටසක් නොවේ . අත්අඩංගුවට ගනු ලැබීම පුද්ගල කීර්තියට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් කරන ක්‍රියාවකි. එබැවින් පොලීසිය ඉතා සුපරීක්ෂාකාරීව හා නීතියට අනුකූලවම ක්‍රියා කළ යුතුය” යනුවෙන් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා,

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයන් සහ වෛද්‍යවරු වැනි වෘත්තිකයන් අත්අඩංගුවට ගැනිමේදී පොලිස් නිලධාරීන් ඔවුන්ට නිසි‍‍‍ ගෞරවයෙන් යුතුව කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements