Featured News

Video Gossip

Advertisement

මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තීරණාත්මක තුරුම්පුවක් ලෙස යොදා ගැනීම සඳහා මෙරට මහා මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන් ම ‘සෝෆා’ ගිවිසුම අත්සන් කරන බව තහවුරු වී තිබෙනවා.

පසුගිය සතියේ මෙරට නිල සංචාරයක යෙදුණු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස් කටුනායක ගුවන්තොටුපළින් නික්මීමට ආසන්නයේ තෝරා ගත් මාධ්‍යවේදීන් හමුවේ ‘සෝෆා’ ගිවිසුම අත්සන් කිරීම ස්ථිර බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් අදාළ මාධ්‍යවේදීන් සීමිත පිරිසක් තෝරා සහකාර රාජ්‍ය ලේකම්වරිය සමඟ ගුවන්තොටුපළ කරා රැගෙන ගොස් තිබෙනවා. ඔවුන්ගෙන් සමුගැනීමේ ප්‍රකාශය කරමින්, මෙරට මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන් ම ‘සෝෆා’ ගිවිසුම අත්සන් කරන බව ඇය විසින් තහවුරු කර ඇති අතර ඒ පිළිබඳ ප්‍රධාන ප්‍රවෘත්ති මඟින් හෙළි නොකර සිටීමට එම මාධ්‍යවේදීන් ඉතා පරිස්සමින් ක්‍රියා කර තිබුණා.

මේ අතර සහකාර රාජ්‍ය ලේකම්වරිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසිගත ලිපියක් භාර දී ඇති බවද ලංකා ඉරිදා සංග්‍රහය වාර්තා කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements