Featured News

Video Gossip

Advertisement

රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ලබාදීමේ මෙහෙයුම සඳහා මන්ත්‍රීවරුන් එකතු කිරීමේ කාර්ය තමන්ට කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ගහෙන් ගෙඩි එන්නා මෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයක් පවත්වා පරාජය වීමට තමන් සුදානම් නැති බව ඔහු පක්ෂ නායකයට සඳහන් කර ඇති බව වාර්තා වනවා.

“වර්කින් කමිටි එක කැඳවනවා නම් අපි පාර්ලිමේන්තු කණ්ඩායමත් කැඳවන්න ඕනෙ. ඊට පස්සෙ ඡන්දෙකට යනව නම් අපි හැම කෙනාටම කතා කරල නම්බර්ස් ටික හදාගන්න ඕනෙ. එහෙම නැතිව ගහෙන් ගෙඩි එනව වගේ ඡන්දෙකට ගිහිල්ල අපි පැරදුණොත් ඔක්කොම ඉවරයි. ඒ හින්ද මට නම් ඔය වැඩේට මන්ත්‍රීවරු එකතු කරන එක භාරගන්න බෑ…” යනුවෙන් කියමින් අකිල විරාජ් කාරියවසම් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ එනමුත් ආශු මාරසිංහ සහ සහ වජිර අබේවර්ධන යන මන්ත්‍රීවරු එම කාර්යය බාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

“දැන් නායකතුමාට වර්කින් කමිටියට අලුතෙන් විසි දෙනෙක් පත්කරන්නත් පුළුවන්. එතකොට අපිට තව විස්සක් වගේ තමයි හොයාගන්න තියෙන්නෙ. ඒ විස්සත් හරියට හදාගෙන අපි වර්කින් කමිටි එකේ ඡන්දයක් තියල සජිත්ව පරද්දමු. ඊට පස්සෙ කරන්න ඕනෙ මොකක්ද කියල සාකච්ඡා කරමු…” යනුවෙන් වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

රවී කරුණානායක මහතා ද මෙම මෙහෙයුමට එක් කර ගන්නා ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දැනුම් දී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements