Advertisement

මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තීරණාත්මක තුරුම්පුවක් ලෙස යොදා ගැනීම සඳහා මෙරට මහා මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන් ම ‘සෝෆා’ ගිවිසුම අත්සන් කරන බව තහවුරු වී තිබෙනවා.

පසුගිය සතියේ මෙරට නිල සංචාරයක යෙදුණු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස් කටුනායක ගුවන්තොටුපළින් නික්මීමට ආසන්නයේ තෝරා ගත් මාධ්‍යවේදීන් හමුවේ ‘සෝෆා’ ගිවිසුම අත්සන් කිරීම ස්ථිර බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා ලංකාවට ගෙන්වා ගැනීමේ සැළසුමක් සම්බන්ධයෙන් වාර්තා වනවා.

ලබන පෙබරවාරි 24, 25 යන දිනවල ට්‍රම්ප් ඉන්දියාවට පැමිණ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි හමුවීමට නියමිත අතර, එම ගමනේදී පැය තුන හතරකට හෝ ට්‍රම්ප්ව ලංකාවට ගෙන්වා ගැනීම ආණ්ඩුවේ උත්සාහය වී තිබෙනවා.

ලංකා ඉතිහාසයේ මෙතෙක් බලයේ සිටි ඇමෙරිකානු ජනාධිපතිවරයකු සිය නිල කාලය තුළ ලංකාවට පැමිණ නොමැති අතර, 2016 දී ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ලංකාවට පැමිණීමට නියමිතව තිබුණද සිය ආසියානු සංචාරය අතරතුරදී ලංකාවේ වෙසක් සතිය යෙදී තිබීම හේතුකොටගෙන ඔබාමාගේ ලංකා ගමන අවලංගු වී තිබුණා.

පසුගිය සතියේ සිදුකෙරුණු ඇමෙරිකාවේ දකුණු හා මාධ්‍යම ආසියානු කලාප භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය වූ ඇලිස් ජේ. වෙල්ස් මහත්මියගේ සංචාරය අතරතුරදීද ආණ්ඩුව මෙම මාතෘකාව පිළිබඳව වටින් ගොඩින් කතාබහ කර තිබූ බව වාර්තා වනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මරා දමන ඕනෑම අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 3 ක් ලබා දීමට තමන් සූදානම් යැයි ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබෙනවා.

අහම්මෙද් හම්සේස් නමැති මෙම මන්ත්‍රීවරයා මේ බව පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේදීයි.
ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.

ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements