Featured News

Video Gossip

Advertisement

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27) සවස පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා අතේ විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ‌වෙත විශේෂ පණිවුඩයක් යවා තිබේ.

අද සවස වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව ඒ මහතා මුණගැසුණු කබීර් හෂීම් මහතා සමග පක්ෂයේ දැනට මතුව ඇති අර්බුදය පිළිබදව සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.

එහිදී වික්‍රමසිංහ මහතා හෂීම් මහතාට සදහන් ක‌ොට ඇත්ත‌ේ අලුතින් බිහි කිරීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දීමට හැකි බවත්, නව සන්ධානයේ ‌ලේකම් ධූරය පවා ‌‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය ‌වෙත ලබා දිය හැකි බවත්ය.

එමෙන්ම එළඹෙන මහමැතිවරණයේ නාමයෝජනා කටයුතු පවා ‌ප්‍රේමදාස මහතාට අවශ්‍ය පරිදි සිදු කිරීමට අවස්ථාව ලබා ‌දිය හැකි බවද වික්‍රමසිංහ මහතා හෂීම් මහතා ‌වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ‌මෙහිදී එක් ඉල්ලීමක් පමණක් හෂීම් මහතා ‌වෙත දැනුම් දී ඇති වික්‍රමසිංහ මහතා තමන්ට පක්ෂ නායකත්වයේ තවත් ‌කොටි කාලයක් පමණක් රැදී සිටීමට ඉඩ ලබා ‌දෙන ‌ලෙසත්, ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් තමන්ට මන්ත්‍රී දූර ‌දෙකක් ලබා දීමට කටයුතු කරන ‌ලෙසත් ඉල්ලා තිබේ.

මෙම සාකච්ජාවෙන් පසු හෂීම් මහතා ‌ප්‍රේමදාස මහතා මුණගැසීමට ‌ගොස් ඇති අතර ඉන් පසු වික්‍රමසිංහ මහතාද කතානායක කරු ජයසූරිය මහතා මුණ ගැසීමට ‌ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී වික්‍රමසිංහ මහතා හා කරු ජයසූරිය මහතා අතර ඉතා දීර්ඝ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එම සාකච්ජාවේ ‌තොරතුරු ඉදිරියේදී රටට අනාවරණය කිරීමට අප සූදානම්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements