Advertisement

ඔස්ට්‍රේලියාවට අයත් ක්‍රිස්මස් දූපත (Christmas Island) චීනයේ සිට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් රඳවා තබන ‘නිරෝධායන කලාපයක්’ බවට පත් කිරීමට ප්‍රථම එහි රැඳී සිටින සිව් දෙනකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුල වහාම ඉවත් කරන ලෙස එම පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු එරට රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පසුගිය 23 වැනිදා ප්‍රකාශ කරන ලද්දේ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිට නැවත සිය රට රැගෙන එන ඔස්ට්‍රේලියානුවන් දින 14 ක කාල සීමාවක් ක්‍රිස්මස් දූපතේ සකස් කරන නිරෝධායන කලාපයක රඳවා තබන බවයි. මේ වන විට ක්‍රිස්මස් දූපතේ රැඳී සිටින්නේ නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ චෝදනාව ලබා සිටින ශ්‍රී ලාංකික දෙමළ පවුලකි. එනම් නඩේෂ්, ප්‍රියා සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනායි.

මෙම ශ්‍රී ලාංකික පවුල වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය වන කරීනා ෆෝඩ් ඔස්ට්‍රේලියාවේ SBS පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස ක්‍රිස්මස් දූපත කොරෝනා අවදානම සහිත නිරෝධායන කලාපයක් බවට පත් කිරීමේ තීරණය ඇසීමෙන් තමා කම්පාවට පත් වූ බවයි.

“ක්‍රිස්මස් දූපතට චීනයේ වූහාන් සිට පැමිණෙන කවරකු හෝ පැමිණීමට පෙර මෙම පවුලේ සාමාජිකයන් ඉන් ඉවත් කළ යුතුයි. මේ කුඩා දරුවන් දෙදෙනා ඉතා පහසුවෙන් මෙවැනි අවදානම්කාරී වෛරසයකට ගොදුරු විය හැකිය.’’

මෙම ශ්‍රී ලාංකික පවුලේ නඩේෂ් හා ප්‍රියා 2012 සහ 2013 වර්ෂවලදී වෙන වෙනම බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාවට පැමිණ ක්වීන්ස්ලන්තයේ කුඩා නගරයක් වන බිලෝයිලා හි පදිංචිව සිට ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනා ඉපදී ඇත්තේද එහිදීය. කෙසේ වෙතත් නීති විරෝධීව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි මෙම සිව්දෙනා 2018 දී එරට සංක්‍රමණ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව මෙලෙසර රැඳවුම් නියෝග මත ක්‍රිස්මස් දූපතේ රඳවා තබා ඇත


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements