Advertisement

බණ්ඩාරගමදී ඊයේ (30 ) අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානම ගෝලයා බව කියන කැවුමා විසින් පාකිස්තානයෙන් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් කිලෝ 192 ක් හා අලුත්ම පිස්තෝල දහයක් බව පොලිසිය පවසනවා.

අලුත්ම ගිනි අවි තොගයක් පාතාලය සන්තකයේ තිබියදී අල්ලාගත් පළමු අවස්ථාව මෙය වනවා.

මාකඳුරේ මධුෂ් ඩුබායි සිටියදී ලංකාවේ සිට මධුෂ්ගේ මත්කුඩු ජාලය, ගිනි අවි සංචිත ඇතුළු සියලු ගනුදෙනු මෙහෙය වූයේ කැවුමාය. කැවුමා ඩුබායි පාතාලයේ සහායෙන් මේවා ගෙන්වාගෙන ඇතැයි හෙළි වී තිබෙනවා.

මෙම මෙහෙයුමට අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා ඇතුළු කණ්ඩායමක් එක් වුණා.

පොලිසිය සොයාගත් තොරතුරු මත දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම ප්‍රදේශයේදී කාන්තාවක හා ඇගේ සොහොයුරා මෝටර් රථයක යමින් සිටියදී අත්අඩංගුවට ගෙනතිබෙනවා.

ඒ කුඩු කිලෝ පහළොවක් සමගිනි.

එසේ කොටුවන්නේ පාතාල නායක මධුෂ්ගේ කල්ලියේ සිටින ප්‍රබලයකු වන මාතර මල්ලී නමැත්තාගේ බිරිඳ හා ඇගේ සොහොයුරායි.

පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා ඇතුළු කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සැකකාරිය හොරණ බණ්ඩාරගමින් කුලියට ගත් නිවසක ඉතිරි හෙරොයින් තොගය සඟවා ඇතැයි හෙළි කර තිබෙනවා.

මේ අනුව එම නිවස වටලා අල්මාරියක සඟවා තිබූ තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 177 ක පාර්සලයක් සොයාගත් අතර වැඩිදුර පරීක්ෂාවේදී විදෙස් රටක නිෂ්පාදිත අලුත්ම පිස්තෝල දහයක්, ඒවායේ මැගසින් 19 ක් සමගින් සොයාගෙන තිබෙනවා.

මෙහිදී තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවි ආයුධ හා හෙරොයින් පසුගිය සතියේ වැලිගම මුහුදු තීරයෙන් මෙරටට රැගෙන ආ බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබී තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements