ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලඥයන්, ආගමික නායකයන් ඇතුලු පිරිස් අගමැතිවරයා සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතා 2015 මහමැතිවරණයේදී තරග කරන ලද්දේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කිරීමට සූදානමක් ඇති බවයි.
ඒ සඳහා ඔහු මේ වන විට තම ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බවද එම වාර්තාවන්හි සඳහන්ය.

