Advertisement

එක්සත් ජාතික ‌පෙරමුණෙන් ඉවත් වීමට එම ‌පෙරමුණ නියෝජනය කරන ප්‍රධාන පක්ෂ 4ක් තීන්දු කර තිබෙනවා.

ඒ අනුව පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් යන මහත්වරුන් නිය‌ෝජනය කරන ‌දේශපාලන පක්ෂ එක්සත් ජාතික ‌පෙරමුණෙන් ඉවත් වීමට තීන්දු කර ඇති බව වාර්තා වනවා,

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එජාපයේ නායකයා ‌ලෙස කටයුතු කිරීමත්, සජිත් ‌ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය ලබා ‌නොදීමත් යන කරුණු මත ‌මෙසේ සුලු පක්ෂ නායකයන් එජා ‌පෙරමුණ අත්හැරීමට තීන්දු කර ඇති බව පැවසෙනවා.

මීට අමතරව රිෂාඩ් බදුර්දීන් මහතාද ඉදිරි දින කිහිපය ඇතුළත ‌මේ සම්බන්ධව තීරණාත්මක තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements