Advertisement

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් ‌දෙදෙනකු ඊ‌යේ (03) රාත්‍රියේ මලික් සමරවික්‍රම මහතාගේ නිවෙසේ රැස්වී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.

මෙහිදී දැනට මතුව පවතින පක්ෂ නායකත්ව අර්බූදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී ඇති අතර වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් ‌නොවුණහොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ජා කර ඇත.

මෙහිදී රැස්ව සිටි මන්ත්‍රීවරුන් සියලු ‌දෙනාම පාහේ දැනුම් දී ඇත්තේ වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් ‌නොවන්නේ නම් ඉදිරි මහමැතිවරණයේදී වෙනම සන්ධානයකින් තරග වැදීමට කටයුතු කළ යුතු බවකි.

ඊට සියලු ‌දෙනාගේම එකගතාව පළවී ඇති බව දැනගන්නට ඇති අතර එම තීන්දුව වික්‍රමසිංහ මහතා ‌වෙත දැනුම් දීමටද තීන්දු වී ඇති බව දැනගන්නට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements