Featured News

Video Gossip

Advertisement

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් වර්ජනය කරනු ලැබ තිබියදී මංගල සමරවීර මහතා ඊට සහභාගී වී තිබෙනවා.


ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉකුත් කාලය පුරාම සමරවීර මහතා විදෙස්ගතව සිටි අතර එජාපයේ අභ්‍යන්තර රැස්වීමක් සදහා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සමරවීර මහතා සහභාගී වූ පළමු අවස්ථාවද ‌මෙයයි.

ඒ අනුව අලුතින් පත් ‌‌‌කෙරුණු කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමට සමරවීර මහතා සහභාගී වී තිබු‌ණේ වික්‍රමසිංහ මහතාට සහාය පළකරමිනුයි.

මංගල සමරවීර මහතාට එරෙහිව පසුගිය දා කළ චෝදනා යළිත් නොකරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට සඳහන් කර තිබෙනවා.
එමෙන්ම එළඹෙන මහමැතිවරණයේදී සමරවීර මහතා මාතර දිස්ත්‍රික්කයෙන් එජාපය යටතේ තරග වැදීමටද නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements