Advertisement

අද (09) පැවැති එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම දැඩි අර්බුදකාරී වාතාවරණයක් මැද අවසන් වී ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී ආරම්භයේ සිටම මන්ත්‍රීවරුන් ‌දෙපැත්තට ‌බෙදී පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පටන් ‌ගෙන ඇති අතර එක් කණ්ඩායමක් සජිත් ‌ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා දිය යුතු බවටත්, තවත් කණ්ඩායමක් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යා යුතු බවටත් තර්ක විතර්ක ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් රනිල්-කරු-සජිත් යන තිදෙනාම එක්ව පක්ෂය ඉදිරියට රැගෙන යායුතු බවට මතය දරන පිරිස වැඩිවෙත්ම සජිත් පිල ‌නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි කලබලයට පත්ව ආවේගශීලීව හැසිරීමට පටන්ගෙන ඇති බව දැනගන්නට ඇත.

විශේෂයෙන් හරීන් ප්‍රනාන්දු, අජිත් පී. ‌පෙරේරා සහ සුජීව ‌සේනසිංහ යන මන්ත්‍රීවරුන් පරුෂ වචන කියමින් ආවේගශීලීව හැසිරීමට පටන් ‌ගෙන ඇති අතර නවීන් දිසානායක මහතා හා ඔවුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවීමට ගිය බවක්ද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් ‌මෙම තත්ත්වය මැද වික්‍රමසිංහ මහතා දැනුුුුම් දී ඇත්තේ තමන් ‌හෙට දිනයේදී විදෙස්ගත වන බවත්, ලබන බ්‍රහස්පතින්දා යළිි දිවයිනට පැමිණෙන බවත්, එසේ පැමිණීමෙන් පසුව බ්‍රහස්පතින්දා දිනයේදීම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රී කණ්ඩායම තුළ ජන්දයක් විමසීමට පියවර ගන්නා බවත්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements