Advertisement

පසුගිය 04 වන දා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහුට ප්‍රසිද්ධියේ සිප වැළඳගැනීමට ඉඩ දුන් පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මූලස්ථානය මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ රාමනායක මන්ත්‍රීවරයා වැළඳ ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එය වැළැක්වීමට උත්සාහ නොගැනීම සම්බන්ධයෙනි. 

එදින රන්ජන් රාමනායක මහතාට මාංචු දැමීමට සූදානම් වන අවස්ථාවේදී මෙම සිදුවීම සිදු වූ අතර එය මාධ්‍ය වලද ප්‍රචාරය විය.

එම වැලඳගැනීම කරන අවස්ථාවේ නිලධාරියා ඊට විරුද්ධතාවය නොදැක්වූයේ මන්දැයි විමසීමට පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව අදාළ හඬ පට පිළිබඳව තොරතුරු මුලින්ම ලැබී ඇත්තේ ද මෙම පොලිස් නිලධාරියට වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සිදු කළේ ද පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතායි.

එවැනි තත්ත්වයක් මත එම නිලධාරියා සම්බන්ම්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මිරිහාන පොලිස් නිලධාරීන් පිළිකුල් සහගතව අදහස් දක්වන බව පොලිස් මුලස්ථානයට ද වාර්තා වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements