Advertisement

ලබන මහ මැතිවරණය වනතෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

විපක්ෂ නායක ධුර ලබාදුන්නා සේ එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදීමට කටයුතු කරන අතර මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එය ප්‍රමාණවත් බව ඔහු පවසා ඇත.

පක්ෂ නායකත්වය වෙනස් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ යෝජනා ස්ථීරත්වයෙන් සම්මත විය යුතු අතර එය පක්ෂයේ මහා සම්මේලනයේදී සම්මත විය යුතු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු පැවසීය.

පක්ෂ නායකත්වයේ තීරණයෙන් තොරව පක්ෂ සම්මේලනයක් කැඳවිය නොහැකි අතර, එසේ පක්ෂ සම්මේලනයක් කැඳවන ලෙසට සජිත් පාර්ශ්වය කර ඇති යෝජනාව නායකත්වය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් දැනට පුරප්පාඩු වී ඇති කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් සඳහා සුදුස්සන් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

ඒ අනුව ලබන සතියේ කෘත්‍යාධිකාරී රැස්වීම නියමිත අතර 96කින් යුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු වී සිටින විස්සකට වැඩි සාමාජිකයන් සඳහා පුද්ගලයන් නම් කිරීමට තීරණය කර ඇත. එසේ පත් කරන නායකයන් පක්ෂ නායකයාගේ අභිමතය අනුව සිදුකරන අතර මේ දිනවල ඒ සඳහා පත් කරන අය තෝරා ගැනීම සිදුකරනු ලැබේ. 

කෙසේ වෙතත් එම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය යළිත් සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට යෝජනා කෙරේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements