Advertisement

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380 ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පවසනවා.

මේ අතර චීනයේ සිට සිසුන් 173 ක් රැගෙන ගුවන් යානයක් ඊයේ (28) රාත්‍රී හෝ අද (29) අලුයම පැමිණෙන බව ප්‍රකාශ කළ ද, එවැනි ගුවන් යානයක් කටුනායක හෝ මත්තල ගුවන් තොටුපළ වෙත අද පෙරවරුව වන විටත් පැමිණ නොතිබූ බව වාර්තා වනවා.

එහෙත් ඊයේ (28) සවස 6.20 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් ද , එදිනම රාත්‍රී 9.05 ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් සහ අද (29) දින අලුයම 5.10 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් ද චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයෙකු සඳහන් කළා.

එම සිසුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා, ඔවුන්ට තම නිවෙස් වෙත යෑමට කටයුතු සලස්වා තිබෙනවා.

එහෙත් ඔවුන්ට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පහළ වුවහොත්, වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට දන්වා ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements