අද සවස පැවැත්වීමට නියමිතව තිබූ රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව නොවැළැක්විය හැකි හේතුවක් මත හෙට (29) සවස 3.00 දක්වා කල් දැමීමට දෙපාර්ශ්වයම තීරණය කර තිබෙනවා.
මෙහිදී කලින් දෙදෙනා අතර පමණක් මුහුණට මුහුණ හමුවක් පැවැත්වීමට එකගතාව පළව තිබුණද මේ වනවිට එම එකගතාව වෙනුවට දෙපාර්ශ්වයෙන්ම නියෝජිතයන් පිරිසක් සමග එක්ව සාකච්ජාව පැවැත්වීමට තීන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද රාත්‍රියේදී සජිත් ප්‍රේමදාස පාර්ශ්වය රැස්ව මෙම සාකච්ජාවේදී දැරිය යුතු ස්ථාවරයන් පිළිබදව සාකච්ජා කිරීමට නියමිතයි.

