Advertisement

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ඔහු මෙසේ අද දින පාර්ලිමේන්තු රැුස්වීමට සහභාගී වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේය.


මන්ත්‍රීවරයා විසින් විසින් අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිතව ඇති බව වාර්තා වෙයි.

අද දිනයේ සිට 24 වැනි දින දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර රාමනායක මන්ත්‍රීවරයා ඒ සියලුම රැස්වීම්වලට සහභාගි වීමට නියමිතය.

එළඹෙන 29 වන දින දක්වා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ ආන්දෝලනාත්මක හඬ පට සිදුවීම සම්බන්ධයෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements