Advertisement

බ්‍රිතාන්‍යයේ හැරි කුමරු සහ ඔහුගේ බිරිඳ මෙගන් මාකල් තවදුරටත් රාජකීය පවුලේ නම්බුනාම සහිත සාමාජිකයන් නොවන බව බකිංහැම් මාලිගය පසුගියදා (18) නිවේදනය කළේය. ඒ අනුව හැරි කුමරු සහ බිරිඳ මේගන් මාකල් ආර්ථිකමය වශයෙන් ස්වාධීන වන බවද ඔවුන් වියහියදම් ඔවුන්ම සොයාගන්නා බවද එම නිවේදනයේ දැක්විණි.

ඔවුන් තවදුරටත් රාජකීය නම්බුනාම භාවිත නොකරන බවත් එසේ වුවත් ඔවුන්ට සසෙක්සි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාම භාවිත කළ හැකි බවත් රජ මාලිගය සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරි කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාකල් බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්වන බව ඉකුත් දා (9) ප්‍රකාශ කළහ. බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6වැනියා හැරී කුමරුන් ය.

එම තීරණයන් සමඟ රජ මාලිගයේ තරමක කලබලයක් ඇති වූ අතර දෙවැනි එළිසබෙත් මහ රැජින හදිසි හමුවකද කැඳවූවාය. එම හමුවට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ හැරී කුමරුගේ සහෝදරයා වන විලියම් කුමරු ද එක්විය. රාජකීය හා නිල කටයුතු අඩුකර උතුරු ඇමෙරිකාවේ වැඩි කාලයක් නිදහසේ ගතකිරිමට අවශ්‍ය බව හැරි හා මෙගන් යුවළ සිය තීරණය දැනුමදෙන අවස්ථාවේදී ඊට හේතු වශයෙන් ප්‍රකාශ කළහ.

හැරි – මේගන් යුවළට මාස 8ක පුතෙක් ද සිටී. ඔහු ආර්චී මවුන්ට්බැට්න්ය. හැරී, මෙගන් සහ ආර්චීට සෑම විටම පවුලේ ආදරය හිමිවෙනවා. අපි සැවොම හැමදාමත් ඔවුන්ට ආදරෙයි” යැයි දෙවැනි එළිසබෙත් රැජින යුවළගේ තිරණයට ඉඩ හා අවසරය දෙමින් පැවැසුවාය. එළිසබෙත් රැජින මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කළාය. “ඔවුන් පසුගිය අවුරුදු දෙකේදී මුහුණ දුන් අභියෝග සහ දුෂ්කරතා මා හදුනාගත්තා. ඒ නිසා පෞද්ගලික හා ස්වාධින ජීවිතයක් ගෙවීමට ඔවුන් ගත් තීරණයට මා සහාය දෙනවා” යැයි මහ රැජින නිකුත්කළ එම නිවේදනයේ දැක්විණි. gossip


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements