Advertisement

නෝනාගේ හඳහනෙත් කියනවා 
එයා බැඳපු කෙනෙක් අගමැති වෙනවා කියලා

ලංකාවම මවිත කරමින් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක සිදු කළ උද්වේගකර කතාවේදී වත්මන් අමාත්‍යවරයෙකුගේ බිරිඳක් රන්ජන් අමතා දුරකථනයෙන් පැවසූ දෙයක් පිළිබද හෙළිදරව්වක් සිදු කළේය. තම සැමියාට අගමැති හීනයක් පැවති බවත් තමාව දික්කසාද කර වෙනත් ඇමතිවරයෙකුගේ බිරියක සමග හාදවී

එම පවුල කඩාකප්පල් කර විවාහ වූයේ ඒ කියන කාන්තාවගේ හඳහනේ විවාහ වන තැනැත්තා අගමැති ධූරයට පත්වන බවට සදහන්වීම හේතුවෙන් බවත් ඇය කියා ඇතැයි රන්ජන් එහිදී හෙළි කළේය.
අගමැති හීනය සැබෑ කර ගැනීමට ඇමතිවරයා තමන්ව දික්කසාද කර එම හඳහන ඇති කාන්තාව විවාහ කරගත් බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.

“ඇමැතිවරයෙක්ගේ නෝනා කෙනෙක් මට කිව්වා මගේ මහත්තයාට අගමැති හීනය තියෙනවා. තව ඇමැතිවරයකුගේ නෝනාගේ හඳහනෙත් කියනවා එයා බැඳපු කෙනෙක් අගමැති වෙනවා කියලා. ඒ නිසා මගේ මහත්තයා මාව දික්කසාද කරලා එයාව බැන්දා කියලා. ඒ හඬපටත් මා ළඟ තියෙනවා.”

යනුවෙන් ප්‍රශ්න කළ රන්ජන් රාමනායක ඒ ඇමතිවරයා කවුද යන්න දන්නවා ද යන්නත් සභාවෙන් විමසාසිටි අතර පසුව කියා සිටියේ සිංගර් එකේ සේවකයෙක් පසුව ද ෆිනෑන්ස් එකේ සේල්ස් රෙප් කෙනෙක් වෙච්ච කෙනෙක් ගැන මං කියන්නෙ යනුවෙනි.

රංජන් රාමනායක පැවසූ ඉගිය අනුව ඒ කියා ඇත්තේ මහින්දානන්ද අලුත්ගමගේ ගැන විය යුතුය.

ඇමති දුමින්ද දිසානායකගේ හිටපු බිරිය සේනානි ජයරත්න (හිටපු අගමැති දිමුගේ දියණිය) ගේ දෙවැනි විවාහය ලෙස මහින්දානන්ද අලුත්ගමගේ එම පවුලට සම්බන්ධ වූයේ පෙර විවාහය අතැර දමමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements