Advertisement

වෙළෙඳ පොලේ කල් ඉකුත් වු පාන් පිටි පරිප්පු ගෙනවිත් ඒවා නැවත සුද්ධ පවිත‍්‍ර කොට වෙළෙඳ පොලට විකිණිමේ මහා පරිමාණ ජවාරමක් කොටු කර ගැනිමට හෙම්මාතගම පොලිසියට හැකි විය.
හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයට අයත් දුම්බුළුවාව කොටේගොඩ ගම්මානයේ ඇතුලට වන්නට මෙම ස්ථානයක දැනට මාස තුනකට වැඩි කාලයක සිට මෙම ජවාරම සිදු කර ඇත. වැටලිමට සහභාගි වු පොලිසියට දැක ගත හැකි වුයේ කල් ඉකුත් වු ගුල්ලන් ගසන ලද පාන් පිටි හා පරිප්පු ගෙනවිත් යන්ත‍්‍රයක් සහ කම්කරුවන් යොදා ගෙන සකස් කරන ස්ථානයකුයි.
එම ස්ථානයේ තිබි පොලිසිය විසින් ටොන් ගණනක පිටි සහ උර වල හසුරන ලද පරිප්පු විශාල ප‍්‍රමාණයක් සොයා ගත් අතර ඒවා පැකට් කිරිමට ගන්නා යන්ත‍්‍රය කල් ඉකුත් වි කැට වුනු පාන් පිටි කුඩු කිරිමට ගන්නා යන්ත‍්‍රයක් සහ කල් ඉකුත් වු පරිප්පු හැලිමට ගන්නා සල් අඩියක් ඇතුලූ උපකරණ එහි තිබි සොයා ගන්නා ලදි. එම ස්ථානයේ තිබි නැවත පවිත‍්‍ර කිරිමට ගෙනා කල් ඉකුත් වු පිටි ලොරියක්ද අත්අඩංගුවට ගත් අතර එහි පිටි කරන ලද කිලෝ 25 පැකට් 100 කට වැඩි ප‍්‍රමාණයක් තිබෙන බව එහි සිටි පොලිස් නිලධාරින්ද පැවසිය.
මෙම ස්ථානයේ තිබි වෙළෙඳ පොලවල් වල පැකට් කර ඇසුම් කරන ලද පිටි හා පරිප්පු කල් ඉකුත් විමෙන් පසුව ගෙනවිත් ඒවාද නැවත සුද්ධ පවිත‍්‍ර කොට ඇසුරුම් කිරිමද මෙහි කාලයක සිට සිදු කර ගෙන ගොස් ඇත.
එම වැටලිම සිදු වන අවස්ථාවේ හෙම්මාතගම මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.එම්. ජනක තිලකරත්න මහතාද පැමිණ මෙම ස්ථානයේ පවත්වාගෙන යන ක‍්‍රියාවලිය දැක ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත් වුනු අතර මෙවැනි ජවාරම් සිදු කරන පුද්ගයන්ට තදින්ම පොලිසිය සමග එක් වි නිතීය ක‍්‍රියාත්මක කරන බවත් සැකකරුවන් හැකි ඉක්මනින් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද කිය.
මෙම ස්ථානයේ මෙම ජවාරම කාලයක සිට සිදු කරගෙන යන අතර දැනට මෙහි ප‍්‍රධාන සැකකරු වෙනත් ප‍්‍රදේශයකට ගොස් ඇති බවද එහි සිටි ඔවුන්ගේ සහෝදයන් පැවසු අතර අප මෙම ජවාරමේ තොරතුරු ලබා ගන්නා විටත් එහි සිටි අයගෙන් පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ප‍්‍රකාශ සටහන් කරගනිමින් සිටින ලදි.
එම ජවාරම සිදු වන ස්ථානයට යාබදව එළිමහනේ වෙළෙද පොළේ කල් ඉකුක් විමෙන් පසුව ගෙන එන ලද පරිප්පු සහ පිටි පැකට් විශාල ප‍්‍රමාණයක් දැක ගත හැකි වු අතර පරිප්පු හැලිමට භාවිතා කරන ලද එම හැලූම් උපකරණයේ ගුල්ලන් සහිත පරිප්පු දැක ගැනිමට හැකි විය.
– සමන් විජය බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements