රන්ජන් රාමනායක මහතා බාහිර පුද්ගලයින් සමග පැවැත්වු දුරකථන සංවාද වල පටිගත කරන ලද හඩපට අතරින් මේ වනවිට වැඩිම පිරිසක් සවන්දී ඇත්තේ රන්ජන් රාමනායක මහතා සහ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වන විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී විරවංශ මහත්මිය සමගපැවැක්වූ දුරකථන සංවාදයයි.
ප්‍රසිද්ධ වේදිකාවේ විමල් වීරවංශ මහතා කෙසේ හැසිරුනද ඔහුගේ බිරිද වන ශෂී විරවංශ සෑහෙන කාලය සිට රන්ජන් රාමනායක සමග ඉතා කිට්ටු ඇසුරක් පවත්වන බව මෙම සංවාදය හරහා මනාව තහවුරුවේ.
එමෙන්ම වීරවංශ පවුලට එරෙහිව අධිකරණයේ පවතින අයතා ආකාරයෙන් දේපල තමන් සතුකර ගෑනීමේ සහ ව්‍යාජ පාස්පෝට් සහ ව්‍යාජ හැදුනුම්පත් සම්බන්දයෙන් මෙහිදී සාකච්ඡා කරයි. ඒ වගේ රාජිත සේනාරත්න හා ඔහුගේ බිරිද සමගද ශෂි වීරවංශ ඉතා කිට්ටු සබදතාවයක් පවත්වාගෙන යන බව රාජිත අයියා සහ සුජාතා අක්කා ලෙස ඔවුන්ව ආමන්ත්‍රණය කිරීමෙන් මනාව තහවුරුවේ.
ඇමති විමල් විරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව ප්‍රසිද්ධියේ දැඩි ලෙස විවේචනය කළත් ඔහුගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මිය රන්ජන් රාමනායක මහතා සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වන බව එම දෙදෙනා අතර පවත්වා ඇති මෙම දුරකථන සංවාද හඬ පටි වලින් තහවුරුවේ.
රන්ජන් රාමනායක මහතා රටේ පිළිගැනීමකට ලක් පුද්ගලයන් සමඟ දුරකතනයෙන් කතා කරන හඬ පට පටිගත කර තිබෙන ගබඩාවේ එම හඬ පටයද තිබී ඇත. තමන් හැම විටම රන්ජන් රාමනායක මහතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ශෂී විරවංශ මහත්මිය කරන ප්‍රකාශයක්ද එහිදී අසන්නට පුළුවන.
විමල් වීරවංශ සහ ඔහුගේ බිරිද රන්ජන් රාමනායකට අමතව පසුගිය ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රාශියක් සමග මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමගද මෙසේ සමීප සබදතාවයක් පවත්වා ඇති බව මේ වනවිට තහවුරුවී තිබේ. වීරවංශ මහතා වරක් විදේශගතවීමට යාමේදී ඔහුගේ ව්‍යාජ පාස්පොට් එක ගුවන් තොටුපොලේදී ආගමන විගමන නිලධාරීන්ට හසුවූ අවස්ථාවේදීද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සෘජුවම මැදිහත්වී ඔහුව බේරාගත් බව මේවනවිට රටම දන්නා කරුණකි.

