ඉරානය ප්‍රහාර එල්ල කලාට අමරිකානුවන්ට කිසිදු හානියක් සිදු වුනේ නෑ - ට‍්‍රම්ප් යුද්ධය අතහරී
Breaking News
,
Donald Trump
,
Donald_Trump
,
Donald-Trump
,
gossip
,
Latest News
,
Latest-News
,
News
,
world
ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරයි.
ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලූ දෙනා ආරක්ෂිත බවයි.
ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී හමුදා ප්‍රධානියා ලොව ප්‍රබලම ත්‍රස්තවාදි බවත් ඔහු විසින් සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවද ට‍්‍රම්ප් කියා සිටියේය.
ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද සඳහන් කළේය.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මත මැදපෙරදිග යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව යම් පමණකට සමනය වීමක් පෙන්නුම් කරන බවයි.
ඉරානය සමග ප්‍රබල රුසියාව හා සිරියාව එක්වීම මත ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තත්ත්වයට පෙළඹෙන්නට ඇතැයි ද එම වාර්තාවන්හි සදහන්ය.

