Advertisement

දෙහිවල ලැගුම් හලකදී බෝම්බය පුපුරවාගත් ජමිල් මොහොමඩ් නැමැත්තා මවුලවිවරයාගේ ඥාතියෙක්
අසාද් සාලිගේ බොරු මාට්ටු

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමග අදහස් හුවමාරුකර ගත් බව කියන මවුලවිවරයා ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ඉල්ලියාම් මොහොමඩ් සමග දුරකතනයෙන් කතාබහ කර ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ හෙළිවුණා.

අල්හාජ් මොහොමඩ් සාලි මොහොමඩ් තාසීම් නැමැති එම මවුලවිවරයා 2019 මාර්තු 26 වෙනිදා තත්පර 93 ක දුරකතන ඇමතුමක් ඉල්ලියාම්ගේ ජංගම දුරකතනයට ලබාගෙන ඇතැයි ඔහුගේ ජංගම දුරකතනයේ දත්ත විශ්ලේෂනයේදී අනාවරණය වන බව කොමිසම හමුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරිය සදහන් කළා.

ඉල්ලියාස් සමග තමාගේ සම්බන්ධයක් නොමැති බවත් තමන් හදුනන්නේ ඔහුගේ පියා වන ඊබ්‍රාහීම් හාජ්ජියාර්ව බවත් එහිදී තාසීම් මවුලවි කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කර සිටියා.

ඒ ගැන කෙරුණු දීර්ඝ ප්‍රශ්ණ කිරීම් හමුවේදී තාසීම් මවුලවිවරයාට නිෂ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි වූ අතර පියාගේ දුරකතන අංකයට ඇමතුම් නොගෙන පුතාගේ දුරකතනයට ඇමතුම් ලබාගත්තේ ඇයි දැයි කොමිසම ඔහුගෙන් විමසා සිටියා.පියාව සම්බන්ධකර ගැනීමට නොහැකි වූ තැන ඇතැම් විට පුතාගේ ජංගම දුරකතනයට කථාකරන්නට ඇතැයි එහිදී ඔහු කියා සිටියා.

පුතාගේ ජංගම දුරකතනය තමා සතුව තිබුණේදැයි කළ විමසුමේදී ඔහු සදහන් කරනු ලැබුවේ නැතැයි යන්නය. තමා දැන හදුනන්නේ පියාව පමණක් බවත් ඔහුව දැන සිටියේ උත්සව සහ පොදු කටයුතු වලදී මුණ ගැසීම් වලදී බවත් තාසීම් මවුලවි මහතා කියා සිටියා. එම ඇමතුම තමන් ගනු ලැබුවේ ඇයි දැයි මතකයේ නැතැයිද ඔහු සඳහන් කළා.

පාස්කු ප්‍රහරය ගැන තොරතුරක් ලැබී එය නතරකර ගැනීමේ උත්සහයක් ලෙස එම ඇමතුම ලබාගත්තේ යැයි යෝජනා කළ හොත් එය පිළිගන්නේදැයි එහිදී කොමිසම මවුලවිවරයාගෙන් විමසා සිටියා.ඊට ඔහු පිළිතුරු දුන්නේ නැතැයි කියායි.

මෙහිදී කොමිසම පෙන්වා දෙනු ලැබුවේ දෙහිවල ලැගුම් හලකදී බෝම්බය පුපුරවාගත් ජමිල් මොහොමඩ් නැමැත්තා මවුලවිවරයාගේ ඥාතියෙක් බවකි. එම බෝම්බකරු තමාගේ ඥාතියෙක් වූවත් තමා ඔහු සමග කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ බව මවුලව තාසීම් සදහන් කර සිටි අතර . ඔහු සිය මස්සිනාගේ පුතා බවද ඔහු කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements