Featured News

Video Gossip

Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පෙරමුණකින් තරග වැදීමට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පක්ෂ වල නායකයන් තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී තරඟ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් හා හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.


කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවකු පක්ෂය ඉවත් නොවීමට ද පක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ම මැතිවරණයට තරඟ වැදීමට ද තීන්දු කර ඇත.

නව සන්ධානයට නායකත්වය දෙන සජිත් ප්‍රේමදාස දීර්ඝ කාලයක් තිස්සේ තරග කරන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බවද වාර්තාවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට නායකත්වය දුන්නද එම දිස්ත්‍රික්කයෙන් කිසිදු ප‍්‍රගතියක් පෙන්වීමට හැකියාවක් ද නොවීය.

පසුගිය ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලැබුනේ අන්ත පරාජයකි.

හම්න්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂවරුන්ගේ බල කණුවක් ලෙස සැලකෙයි.

කොළඹ දිස්ත‍්‍රික්කයට සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණිමත් සමග රනිල් වික‍්‍රමසිංහ එජාප නායකයා සමගද මනාප සටනක් ඇති වීම අනිවාර්යය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements